රුපියල් කෝටි 57ක මුදලක් විදේශීය ජාතිකයකු විසින් වංචා කරයි

ඉක්මන් ඩොට්.එල්.කේ වෙබ් අඩවිය තුළ පළකර තිබූ දැන්වීමකට අදාළ නිවසක් මිලදී ගන්නා මුවාවෙන් එම දැන්වීම පළ කළ පුද්ගලයාගේ බැංකු ගිණුමක තිබූ රුපියල් කෝටි 57ක මුදලක් විදේශීය ජාතිකයකු විසින් වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (25) නියෝග කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට එම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියෝග කෙරුණා.

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න කුමාර නැමැති අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණය දැක්වූ කරුණු වලින් හෙළි වී තිබෙනවා.

එම විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිලිකාර පුද්ගලයාට අයත් නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් විකිණීම සඳහා ඉහත සඳහන් කළ ඉක්මන් ඩොට් එල්.කේ වෙබ් තුළ දැන්වීමක් පළ කර තිබී ඇති බවයි

එම දැන්වීම දුටු විදේශීය ජාතිකයකු පැමිණිලිකරුගේ වට්ස්ඇප් අංකය හරහා පැමිණිලිකරුට පණිවිඩයක් යොමු කරමින් ඔහු මෙරටට පැමිණි පසු එම නිවස මිලදී ගන්නා බවට පොරොන්දුවක් ලබාදී පැමිණිලිකරුගේ ගිණුම් අංක ලබාගෙන ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.

පැමිණිලිකාර පුද්ගලයා ඔහුට අයත් ගිණුම් අංකය වට්ස්ඇප් පණිවිඩයක් හරහා එම විදේශීය ජාතිකයාට යැවීමෙන් අනතුරුව එම නන්නාදුනන විදේශීය ජාතිකයා පැමිණිලිකරුගේ ගිණුමේ තිබූ කෝටි 57 ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් වැඩිදුරටත් හෙළි වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
10
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?