රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන, ටැබ් පරිගණක සහ පරිගණක 238ක තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත (Green Channel) ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (30) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ සැකකරු 22 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවයි.
අද දින අලුයම 05.30ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත සැකකරු පැමිණ සිටියා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මළු 04 ක් තුළ මෙම නවීනතම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සඟවා ගෙන තිබූ බව රේගු නිලධාරීන් පැවසුවා.
මේ වනවිට සැකකාර ගුවන් මගියා අත්අඩංගුවේ තබාගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.





