රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන, ටැබ් පරිගණක සහ පරිගණක 238ක තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත (Green Channel) ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (30) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ සැකකරු 22 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවයි.
අද දින අලුයම 05.30ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත සැකකරු පැමිණ සිටියා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මළු 04 ක් තුළ මෙම නවීනතම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සඟවා ගෙන තිබූ බව රේගු නිලධාරීන් පැවසුවා.
මේ වනවිට සැකකාර ගුවන් මගියා අත්අඩංගුවේ තබාගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.














Mama
Guwan yaanawen pemini magiyaage basg 4 ka bara samanyauen kilo 120 ho eyata madak aduwiya heka. Namuth conteinaor 323 ka bara hitha gannawath apahazui. ??? Budu ammo mehemath weda. Reguwa nidi .monawazda eliyata giye ?..? Kotinge kaaleth. Conteiner diya .namuth keewe manusika aadara kiya. Udde awasaanayexi. Sangawa ho wala dama thibu asi aayuda goda gath askaraya. Tv magin api dutuwa ..ewita kalathuwakkuwak thibuna unda pita wana berel eka pamanak. Adi 22 k ho 33 ho aasanba gaanak bawa keewa .eewada colombu warayen thamai pita wenna ethth