AFC Banner
AFC Banner
Empty Ad

රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට දී මොවුන්ව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 14ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් පොලිස් භාරයට ගැනුණා.

රුපියල් ලක්ෂ 85ක මුදලකට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් විකිණීමට ගැනුම්කරුවකු සොයන බවට ලද තොරතුරකට අනුව එය මිල දී ගන්නා මුවාවෙන් ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මෙම මත්ද්‍රව්‍ය තොගය අයත් බවට සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ග්‍රෑන්ඩ්පාස් මිහිජය සෙවණ මහල් නිවාස සංකීර්ණයේ සහ ජුන්තුපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් දෙදෙනාගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?