AFC Banner
Empty Ad
Empty Ad

රිෆ්කාන් බදියුදීන් ලබාගත් ඉඩම් වල ඔප්පු සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තා ලැබුනු බව සි.අයි.ඩිය අධිකරණයට දැනුම් දෙයි

රිෂාඩ් බදීයුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදීයුදීන් විසින් ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණිමේ සිද්ධියට අදාළ රස පරීක්ෂක වාර්තා ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දුන්නා.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ අක්කර 80 ක අන්සතු ඉඩම් කොටස් දෙකක් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කර ගෙන පසුව වෙනත් පාර්ශවයකට විකිණිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදීයුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදීයුදීන්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අදාල ඔප්පු සහ ලිපිලේඛණ සත්‍ය අසත්‍යතාව පරික්ෂා කිරීමට රජයේ රස පරීක්ෂක ඉදිරිපත් කල අතර  අනතුරුව එම පරික්ෂණ වාර්තා ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල්ට දැනුම් දුන් බවයි අප අධිකරන වාර්තා කරු සදහන් කලේ.   ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණවල ප්‍රගතිය ලබන මැයි මස 06 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ  අතර, එදින දක්වා නඩුව කල් දැමීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?