රිස්වාන් එක්දින නායකත්වයෙන් නෙරපයි

මොහොමඩ් රිස්වාන් පාකිස්ථාන එක්දින නායකත්වයෙන් නෙරපා හැර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි එක්දින නායකත්වයට පත්කර ඇති බවයි පාකිස්ථාන ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුව සහ සුදු පන්දුවේ ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් අතර ඉස්ලාමාබාද්හි පැවති රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.

රිස්වාන් එක්දින නායකත්වයෙන් නෙරපා හැරීමට නිශ්චිත හේතුවක් තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

බාබර් අසාම් එක්දින නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු රිස්වාන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එක්දින නායකත්වයේ වගකීම භාරගනු ලැබුවා.

මේ අතර එක්දින නායකයා ලෙස අෆ්රිඩිගේ පළමු පැවරුම වන්නේ ලබන මාසයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
5
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?