රිලවු චීනයට නොයවන බවට අධිකරණයට ප්‍රතිඥාවක්

නීතියට පටහැනි ආකාරයට මේරට රිලවුන් චීන සමාගමක් වෙත අපනයනය කිරීමට පියවර නොගන්නා බවට රජය විසින් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දීමෙන් අනතුරුව ඊට එරෙහිව ගොනු කරන ලද පෙත්සමේ විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීමට රජය විසින් කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසරවේදීන් පිරිසක් විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ.

මෙම පෙත්සම මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කර සිටියේ මෙරට රිලවුන් විදේශවලට අපනයනය කිරීමේ සූදානමක් නොමැති බවයි. පසුව එම ප්‍රතිඥාව අභියාචනාධිකරණය විසින් සටහන් කර ගනු ලැබුවා.

රජය විසින් ලබා දෙන එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවයි අද අධිකරණය හමුවේ දැනුම් දුන්නේ.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද අධිකරණය තීන්දු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34