Empty Ad
AFC Banner
Empty Ad

රිය අනතුරු දෙකකින් දෙදෙනකු මරුට

පයාගල පොලිස් වසමේ කොළඹ වැල්ලවාය මාර්ගයේ දකුණු පයාගල ප්‍රදේශයේ දී මග්ගොන දෙස සිට කළුතර දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරිමට යාමේදී එම යතුරුපැදියේ ගැටී සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 54 ක් වූ මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ඊයේ සවස් කාලයේ වාලච්චේන පොලිස් වසමේ වාලච්චේන නගරයේ දී වාලච්චේන පොලිස් ස්ථානය දෙස සිට නගරය දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඉස්සර කිරිමට යාමේදී එම ත්‍රීරෝද රථයේ ගැටී යතුරුපැදිය පෙරළී ගොස් අනතුරක් සිදු ව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 41 ක් වූ කින්නියන්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?