රිය අනතුරු දත්ත ඇතුළත් කිරීමට පොලිසියට නව දත්ත පද්ධතියක්

දිවයින පුරා මහා මාර්ගයන්හි සිදුවන සියළුම රිය අනතුරු දත්ත ඇතුළත් කිරීම, දත්ත කළමනාකරණය කිරීම හා එමඟින් විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම අරමුණු කරගෙන පර්යේෂණ හා සැළසුම් කොට්ඨාසය මඟින් නව දත්ත පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා.

මෙම දත්ත පද්ධතියේ කටයුතු සියළුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ආරම්භ කිරීමට ප්‍රථම, බස්නාහිර පළාතේ සියළුම පොලිස් ස්ථාන ආවරණ වන පරිදි නියමු ව්‍යාපෘතියක් අද (19) උදෑසන කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පොලිස්පති නීතිඥ ප්‍රියන්තවීරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙම නියමු ව්‍යාපෘතියට සමගාමීව දත්ත ඇතුළත් කිරීම සිදු කරනු ලබන නිලධාරීන් සඳහා පුහුණු වැඩ මුළුවක් පවත්වන ලද අතර ඒ සඳහා බස්නාහිර පළාතේ සියළුම පොලිස් ස්ථානයන්හි හා පොලිස් කොට්ඨාසවල රථවාහන අංශ ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය. මෙහිදි රථවාහන අංශ ස්ථානාධිපතිවරුන් වෙතදත්ත ඇතුලත් කිරීම සඳහා ටැබ් යන්ත්‍ර 142 ක් පොලිස්පතිතුමා විසින් බෙදාදීමට කටයුතු කළා.

තවද, මෙම නියමු ව්‍යාපෘතියෙන් පසුව ඉදිරියේදී දිවයිනේ සියළුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම දත්ත පද්ධතිය ස්ථිර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, සජීව මැදවත්තඅපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !