රිය අනතුරකින් පසු බස් රථයකට ගිනි තබයි

බස් රථයකට යටවී පාපැදිකරුවෙකු මියයෑමෙන් පසු මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැමිණ බස් රථයට ගිනි තබා තිබේ.

අවිස්සාවේල්ල – මාලියන්ගම මාර්ගයේ රිටිගහවෙල මංසන්ධියේදී එම අනතුර සිදුවී ඇත.

එම බස් රථය කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.

ඒ අද (15) සවස් කාලයේදීය.

අනතුරට ලක්වූ 65 හැවිරිදි පාපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබුණි.

බස් රථයේ රියදුරු සිද්ධියෙන් පසු පැනගොස් ඇත.

අවිස්සාවේල්ල පොලීයේ නිලධාරීන් පැමිණ බස් රථය සිය භාරයට ගන්නා අවස්ථාවේදී කුපිත වූ ඥාතීන් බස් රථයට ගිනිතබා ඇති බව වාර්තා වෙයි.

ඒ අවස්ථාවේ බස් රථයේ සිටි පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?