AFC Banner
Empty Ad
Empty Ad

රියදුරු බලපත්‍ර මුද්‍රණය තාවකාලිකව අත්හිටුවයි

රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කලේ මේ වන විට කාඩ් පත් හිඟයක් පැවතීම ඊට ප්‍රධාන හේතුව බවයි.

” අපිට කාඩ්පත් වල හිඟයක් පවතිනවා.අ අපි ඇණවුම් කලත් ඒ ටෙන්ඩර් එක දිනපු අයට ඒ මිලට කාඩ් සපයන්න බැරි ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනවා. අපිට ටෙන්ඩර් පටිපාටියෙන් පිට මිල ගණන් වැඩි කිරීමේ හැකියාවකුත් නැහැ. එතනින් එහාට මේ කාඩ් ගෙන්වීමේදී ඒවාට අපි ඩොලර් වලින් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ සියලු දේ මේ කාරණා සමස්තයක් වශයෙන් බලපාලා තියෙනවා. මේ වන විට ලෝකයෙත් යම් යම් භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා. මේ සමාගම් වලටත් ඒ මිල ගණන් වලට අපිට කාඩ් සපයන්න බැහැ.

දැනට තාවකාලික නව බලපත්‍රයක් අපි හඳුන්වලා දෙනවා ඩිජිටල් ටෙම්පරි එකක්. ඒක අපි මාස 06ක් ඇතුලත අදාළ ඉල්ලුම්කරුගේ නිවසට යවන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට අපි ඒ අය සමග සාකච්ජා කරලා අවශ්‍ය ඇනවුම් සිදුකරලා, ඒ දේවල් ලංකාවට එවන්න ඕන කාලය ගැන සාකච්ජා කරලා තියෙනවා.” ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?