රියදුරු බලපත්‍ර මුද්‍රණය තාවකාලිකව අත්හිටුවයි

රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කලේ මේ වන විට කාඩ් පත් හිඟයක් පැවතීම ඊට ප්‍රධාන හේතුව බවයි.

” අපිට කාඩ්පත් වල හිඟයක් පවතිනවා.අ අපි ඇණවුම් කලත් ඒ ටෙන්ඩර් එක දිනපු අයට ඒ මිලට කාඩ් සපයන්න බැරි ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනවා. අපිට ටෙන්ඩර් පටිපාටියෙන් පිට මිල ගණන් වැඩි කිරීමේ හැකියාවකුත් නැහැ. එතනින් එහාට මේ කාඩ් ගෙන්වීමේදී ඒවාට අපි ඩොලර් වලින් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ සියලු දේ මේ කාරණා සමස්තයක් වශයෙන් බලපාලා තියෙනවා. මේ වන විට ලෝකයෙත් යම් යම් භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා. මේ සමාගම් වලටත් ඒ මිල ගණන් වලට අපිට කාඩ් සපයන්න බැහැ.

දැනට තාවකාලික නව බලපත්‍රයක් අපි හඳුන්වලා දෙනවා ඩිජිටල් ටෙම්පරි එකක්. ඒක අපි මාස 06ක් ඇතුලත අදාළ ඉල්ලුම්කරුගේ නිවසට යවන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට අපි ඒ අය සමග සාකච්ජා කරලා අවශ්‍ය ඇනවුම් සිදුකරලා, ඒ දේවල් ලංකාවට එවන්න ඕන කාලය ගැන සාකච්ජා කරලා තියෙනවා.” ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18
Video thumbnail
කොටි නායකයෙකුගේ ගුණ වයපු මන්ත්‍රීවරයාට වැඩ වරදියි
04:03
Video thumbnail
ටිල්වින් සිල්වා පාර්ලිමේන්තුවේ බලය හෑල්ලු කළා
04:49
Video thumbnail
මමයි විමලුයි හොඳ යාළුවෝ - කරදරයක් වුණාම බලන්න යනවා
04:49
Video thumbnail
බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම - "හොඳට හෝදන්න - ආයේ කෙළ ගහන්න බෑ"
01:04
Video thumbnail
මන්ත්‍රී ධුරය අහෝසි කිරීම ගේන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීලා බලහත්කාරයෙන් තියාගන්න - එයාලා බයවෙලා
01:22
Video thumbnail
ටිල්වින් දැන් මැතිවරණ කොමසාරිස් වෙලා - කවද්ද දිවුරුම් දුන්නද දන්නේ නෑ
02:24
Video thumbnail
රනිල් දැන් රිටයර් වෙලා ඉන්නේ - ආයේ එනවද..?
04:24
Video thumbnail
ජාඇල උණුසුම් තත්ත්වයක් - අපේ වන්දි මුදල් මෙවුන් හොරා කාලා, හෙරියකුත් ඉන්නවා..අපි කන්නෙත් මහපාරේ
03:36