AFC Banner
AFC Banner
Empty Ad

රියදුරුව තියුණු ආයුධවලින් කපා මෝටර් රථයක් පැහැරගත් යුවළක් අල්ලයි

පල්ලම පොලිස් වසමේ දී පසුගිය 10 වනදා මෝටර් රථයක් කොල්ලකෑ සැකකරුවෙකු හා සැකකාරියක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර යුවළ පෙරේදා (15) දින දඹදෙනිය ප්‍රදේශයේ දී කොල්ලකන ලද මෝටර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව මෝටර් රථයේ රියදුරුගේ ජංගම දුරකථනය සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු ද උස්වැටකෙයියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 24 වයස්වල පසු වන දඹදෙනිය සහ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 31ක ආඩිගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාර යුවළ කුලී ගමනක් යන මුවාවෙන් පැමිණ මෝටර් රථයේ රියදුරුට තියුණු ආයුධවලින් පහරදී පසුගිය 10 වනදා මෙම කොල්ලකෑම සිදුකර තිබුණා.

තුවාල ලබා සිටි රියදුරුගේ තත්ත්වය බරපතල බැවින් ඔහුව හලාවත මහ රෝහලට මාරුකර යැවීමට ආණමඩුව දිසා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර තිබූ අතර, පසුව තුවාලකරුව හලාවත මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට
මාරුකර යැවීමටයි කටයුතු කට තිබුණේ.

මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මීගොඩ පොලිස් වසමේ දී ත්‍රීරෝද රථයක් කොල්ලකෑම හා පන්නල පොලිස් වසමේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 1,686,000ක් වටිනා මුදල් හා දේපළ කොල්ලකෑම යන අපරාධවලට අවශ්‍යකරන සැකකරුවෙක් බවයි වාර්තා වන්නේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?