රියදුරුව තියුණු ආයුධවලින් කපා මෝටර් රථයක් පැහැරගත් යුවළක් අල්ලයි

පල්ලම පොලිස් වසමේ දී පසුගිය 10 වනදා මෝටර් රථයක් කොල්ලකෑ සැකකරුවෙකු හා සැකකාරියක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර යුවළ පෙරේදා (15) දින දඹදෙනිය ප්‍රදේශයේ දී කොල්ලකන ලද මෝටර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව මෝටර් රථයේ රියදුරුගේ ජංගම දුරකථනය සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු ද උස්වැටකෙයියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 24 වයස්වල පසු වන දඹදෙනිය සහ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 31ක ආඩිගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාර යුවළ කුලී ගමනක් යන මුවාවෙන් පැමිණ මෝටර් රථයේ රියදුරුට තියුණු ආයුධවලින් පහරදී පසුගිය 10 වනදා මෙම කොල්ලකෑම සිදුකර තිබුණා.

තුවාල ලබා සිටි රියදුරුගේ තත්ත්වය බරපතල බැවින් ඔහුව හලාවත මහ රෝහලට මාරුකර යැවීමට ආණමඩුව දිසා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර තිබූ අතර, පසුව තුවාලකරුව හලාවත මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට
මාරුකර යැවීමටයි කටයුතු කට තිබුණේ.

මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මීගොඩ පොලිස් වසමේ දී ත්‍රීරෝද රථයක් කොල්ලකෑම හා පන්නල පොලිස් වසමේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 1,686,000ක් වටිනා මුදල් හා දේපළ කොල්ලකෑම යන අපරාධවලට අවශ්‍යකරන සැකකරුවෙක් බවයි වාර්තා වන්නේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12