රියදුරන්ගේ නිදිමත මනින්න ක්‍රමවේදයක්

නිදිබරව රිය පැදවීම බීමත්ව රිය පැදවීම මෙන්ම එක සමාන දරුණු ඛේදවාචක ගෙනදිය හැකි බරපතල වැරද්දක් බව අද විදෙස් පුවත්පතක් වාර්තා කර තිබුණා.

මේ අනුව අධික ලෙස නිදිවරා නිදිබරව සුක්කානම දෑතට ගන්නා රියදුරන් විසින් සිදු කරනු ලබන අනතුරුවලදී එය තහවුරු කර ගැනීම සඳහා රියදුරුගේ රුධිර සාම්පල පරීක්ෂණයක් සිදු කිරීමට ඉදිරි වසර දෙක තුලදී නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවයි එම වාර්තාව සඳහන් කර ඇත්තේ.

එම පරීක්ෂණය මගින් රියදුරා අවම වශයෙන් කොපමණ පැය ගණනක නින්දක් ලබා තිබෙනවා ද, ඒ අනුව ඔහු රථයක් පැදවීමට තරම් සුදුසු තත්වයක පසුවුයේද යන්න නිගමනය කිරීමටද හැකියාව ලැබෙනවා.

රිය අනතුරක් සිදු කරන රියදුරෙක් හෝ රිය අනතුරකට ලක්වන රියදුරෙකු බීමත්ව සිටියේ නම් එය තහවුරු කර ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතයේ තිබුන ද නිදිබර රියදුරෙකු සම්බන්ධව ඔහු නිදිබරව සිටියේ ද යන්න පරීක්ෂණයක් මගින් සනාථ කිරීමට පිළිගත් ක්‍රමවේදයක් මෙතෙක් ක්‍රියාවට නැංවී තිබුනේ නැහැ.

මේ පිළිබඳව අවදානය යොමු කළ එංගලන්තයේ හාවර්ඩ් වෛද්‍ය මණ්ඩලයක් විසිනුයි රියදුරෙක් අධික තෙහෙට්ටුව මත හෝ අධික ලෙස නිදි වැරුම හේතුවෙන් නිදිබරව සිටියේද යන්න සනාථ කර ගැනීම සඳහා රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වා දීමට තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25