රිමාන්ඩ් බන්ධනාගාරයේ ” Ɪ ” වාට්ටුවේ ජංගම දුරකථන 23ක්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සහ බන්ධනාගාර රෝහලේ සිදු කළ වැටලීමකින් ජංගම දුරකථන සහ මුදල් සොයා ගැනීමට හැකි වූ බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

බන්ධනාගාරයේ ‘අයි (I) වාට්ටුව’ පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන 23 ක් සොයා ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව බන්ධනාගාර රෝහලේ 03 වාට්ටුව පරීක්ෂා කිරීමේදී Smart වර්ගයේ ජංගම දුරකථන 02ක් සහ මුදල් රුපියල් 153,000 ක් (එක් ලක්ෂ පනස් තුන් දහසක් ) සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම එම වැටලීමෙන් හෙරොයින් ග්‍රෑම් 07කට අධික ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකි වූ බවද වාර්තාවනවා.

මෙම ජංගම දුරකථන සහ මුදල් බන්ධනාගාරය තුළට රැගෙන ආ අයුරු සොයා ගැනීමට බන්ධනාගාර මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?