AFC Banner
AFC Banner
Empty Ad

රින්කු සිං අවසන් මොහොතේ ඉන්දියාවට ජයගෙන එයි (වීඩියෝ)

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ඊයේ (24) විශාකාපට්නම් හිදී පැවැත් වුණා.

මෙම තරගය ඕස්ට්‍රේලියාව පරදා අවසන් පන්දුවාරයේ දී ජයගන්නට සත්කාර ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

කාසිය වාසිය දිනූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ගේ ආරාධනයෙන් ඕස්ට්‍රේලියාව පළමු ලකුණු රැස් කිරීම ආරම්භ කළා.

මෙහිදී ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 208ක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

එහිදී මෙම තරගයේ දී ආරම්භක පිතිකරුවක් ලෙස පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් ලකුණු 53ක් රැස්කළ අතර, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජොෂ් ඉන්ග්ලිස් පන්දු 50ක් තුළ ලකුණු 110ක් රැස් කළා.

නවක ක්‍රීඩකයින් රැසක් සමඟින් ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලිය එක්ව සිටින අතර, ඊයේ තරගයේ දී රවී බිෂ්නෝයි සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා එක් කඩුල්ල බැඟින් බිද දැමුවා.

අනතුරුව ලකුණු 209ක ඉලක්කයක් හඹා යාමට ඉන්දීය කණ්ඩායම පිටියට පිවිසියා.

එහිදී ඉන්දීය ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් ලකුණු නොලබාම දැවී ගිය අතර, යෂස්වි ජයිස්වාල් ලකුණු 21ක් රැස් කළා.

ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් අනතුරුව ඉෂාන් කිෂාන් සහ සූර්යකුමාර් යාදව් ඉන්දියාව ජයග්‍රහණය කරා යන ගමනේ මාවත සැකසූ අතර, එහිදී ඉෂාන් කිෂාන් ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා.

නායකත්වයේ ඉනිමක් දියත් කළ සූර්යකුමාර් යාදව් පන්දු 42ක් තුළ ලකුණු 80ක් රැස්කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 09ක් ඇතුළත්.

අවසන් පන්දුවාරයේ දී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට රින්කු සිං කටයුතු කළේ ඉන්දීය ඉනිමේ 20 වන පන්දුවාරයේ අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින්.

කෙසේ වෙතත් වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට් යොමුකළ එම පන්දුව පසුව නිපන්දුවක් ලෙස ද විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 08ක් දැවී ලකුණු 209ක් රැස්කරමින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තා.

මෙම ජයත් සමඟ තරග 05කින් සමන්විත තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ඉන්දියාව මේ වනවිට පෙරමුණ ගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?