AFC Banner
Empty Ad
Empty Ad

රැඳවුම් භාරයේ සිටින්නෙකුගේ සන්නිවේදන ජාලයක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සිටින බවට අනාවරණයක්

රැඳවුම්භාරයේ සිටින ෆසාල් මොහොමඩ් නිසාර් විසින් පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සිටින බවට කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල්ට දැනුම් දුන්නා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව අදාල සන්නිවේදන ජාලය සිදුකර ගෙන ගොස් ඇති අතර පුද්ගලයන් 494 දෙනෙකුගෙන් යුත් එකී සන්නිවේදන ජාලයේ මුස්ලිම් දේශපාලනඥයෙකුද සිටින බවයි.

ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර අදාල සන්නිවේදන ජාලය සකස් කර ඇති බැවින් විමර්ශණ සිදුකිරීමේදි දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා.  

ෆසාල් මොහොමඩ් නිසාර් ආගමික හා ජාතික සමගියට බාධා වන පරිදි වෛරීසහගත ප්‍රකාශ  හා භික්ෂුන් වහන්සේලාට අපහාස වන ප්‍රකාශ මුහුණු පොත ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාව මත රැඳවුම්භාරයට ගෙන තිබුණා.

ඔහුගේ දුරකථන හා පරිඝණක විමර්ශණ කිරීමේදි ජංගම දුරකථනයෙන් තොරතුරු ලබා ගැනීම නොහැකිවන පරිදි දුරකථන ජාලයද අවහිර කර ඇති බවද අනාවරණ වී තිබෙනවා. මෙම නඩුව ලබන 25 වනදා යළි කැදවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?