රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් අපරාධ රැසක් ගැන තොරතුරු එළියට

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව මීටියාගොඩ පොලිස් ස්ථානය මඟින් පසුගිය 24 වනදා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී, සැකකරු දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකු සමඟ සබඳතා පවත්වන බවට සහ අපරාධ කිහිපයක වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව 2024.03.11 අම්බලන්ගොඩ පොලිස් වසමේදී ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදු කිරීම.

2025.05.03 වන දින මීටියාගොඩ පොලිස් වසමේදී ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම.

2025.11.28 වන දින මීටියාගොඩ පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම යන වෙඩි තැබීමවල වෙඩික්කරු ලෙස සැකකරු කටයුතු කර තිබෙනවා.

මේ අතර 2024.03.11 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී සිදු කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් වයස අවුරුදු 28ක් වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු පසුගිය 27 වනදා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩිදුරටත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී, රත්ගම ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ අවියක් ද පසුගිය 27 වනදා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?