රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවල ආරක්ෂාව සදහා පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම්කර තිබෙනවා.

ඒ, අනුව දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන ස්ථාන 2,453 කට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා පොලිස් නිලධාරීන් 5,580ක් යදවිමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව විශේෂ කාර්ය බලකා නිළධාරීන් 510ක් සහ ත්‍රිවිධ හමුදා නිළධාරීන් 1,260ක් ද ආරක්ෂාවට යෙදවීමට නියමිතයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?