AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් 60,000 පුහුණු කාලය මේ මස අවසන්

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් හැටදහසකගේ පුහුණු කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට අද (13 වැනිදා) ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම උපාධිධාරීන්ගේ පුහුණු කාලය වූ වසරක කාලය සැප්තැම්බර් මාසයෙන් අවසන් වනවා.

එම උපාධිධාරීන්ගේ ඉදිරි කටයුතු ද සැලසුම් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කරන කළ අතර එම කමිටුවේ නිර්දේශවලට අනුව පළාත් සභා, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල පුරප්පාඩු සඳහා මෙම උපාධිධාරීන් අනුයුක්ත කිරීමට තීරණය කර තිබෙනවා.

එහෙත් ගතවන කාලය හා ස්ථිර කර වැටුප් ගෙවීමට ප්‍රතිපාදන වෙන් කිරීමේ දී ඇතිවන ගැටලු සැලකිල්ලට ගෙන පුහුණු කාලය මාස 06කින් දිරීඝ කිරීමට යෝජනා කර තිබෙනවා.

2020 වර්ෂයේ ඇමැති මණ්ඩල තීරණයකට අනුව බඳවා ගත් මෙම උපාධිධාරීන් දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ අදාළ දිස්ත්‍රික්කවල රාජ්‍ය ආයතනවල සේවය කරන අතර දැනට ඔවුන්ට රුපියල් විසිදහක (20,000) පුහුණු දීමනාවක්ද ලබා දෙනවා.

මෙම උපාධිධාරීන් සංවර්ධන නිලධාරී සේවයට අනුයුක්ත කිරීමට සැලසුම් කළද පුරප්පාඩු සීමිත වීම ගැටලුවක් වී ඇති බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

උපාධිධාරීන්ගෙන් බහුතරය කලා විෂය ධාරාවේ උපාධිධාරීන් වන අතර එම උපාධිධාරීන් බහුතරය සිටින කුරුණෑගල, ගාල්ල, මාතර, කෑගල්ල, හම්බන්තොට, රත්නපුර, මඩකලපුව, අම්පාර හා යාපනය දිස්ත්‍රික්කවල සංවර්ධන නිලධාරී සේවාවේ පුරප්පාඩු නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම උපාධිධාරීන්ගෙන් 18,000ක් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන අතර කෘෂිකර්ම අමාත්‍යාංශයට කෘෂිකර්ම උපාධිධාරීන් 674ක් යොමු කර තිබෙනවා.

අනෙකුත් පිරිස වෙනත් රාජ්‍ය ආයතනවල සේවය කරන අතර ඔවුහුන් කොවිඩ් රාජකාරිවල නිරත වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?