රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් 60,000 පුහුණු කාලය මේ මස අවසන්

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් හැටදහසකගේ පුහුණු කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට අද (13 වැනිදා) ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම උපාධිධාරීන්ගේ පුහුණු කාලය වූ වසරක කාලය සැප්තැම්බර් මාසයෙන් අවසන් වනවා.

එම උපාධිධාරීන්ගේ ඉදිරි කටයුතු ද සැලසුම් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කරන කළ අතර එම කමිටුවේ නිර්දේශවලට අනුව පළාත් සභා, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල පුරප්පාඩු සඳහා මෙම උපාධිධාරීන් අනුයුක්ත කිරීමට තීරණය කර තිබෙනවා.

එහෙත් ගතවන කාලය හා ස්ථිර කර වැටුප් ගෙවීමට ප්‍රතිපාදන වෙන් කිරීමේ දී ඇතිවන ගැටලු සැලකිල්ලට ගෙන පුහුණු කාලය මාස 06කින් දිරීඝ කිරීමට යෝජනා කර තිබෙනවා.

2020 වර්ෂයේ ඇමැති මණ්ඩල තීරණයකට අනුව බඳවා ගත් මෙම උපාධිධාරීන් දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ අදාළ දිස්ත්‍රික්කවල රාජ්‍ය ආයතනවල සේවය කරන අතර දැනට ඔවුන්ට රුපියල් විසිදහක (20,000) පුහුණු දීමනාවක්ද ලබා දෙනවා.

මෙම උපාධිධාරීන් සංවර්ධන නිලධාරී සේවයට අනුයුක්ත කිරීමට සැලසුම් කළද පුරප්පාඩු සීමිත වීම ගැටලුවක් වී ඇති බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

උපාධිධාරීන්ගෙන් බහුතරය කලා විෂය ධාරාවේ උපාධිධාරීන් වන අතර එම උපාධිධාරීන් බහුතරය සිටින කුරුණෑගල, ගාල්ල, මාතර, කෑගල්ල, හම්බන්තොට, රත්නපුර, මඩකලපුව, අම්පාර හා යාපනය දිස්ත්‍රික්කවල සංවර්ධන නිලධාරී සේවාවේ පුරප්පාඩු නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම උපාධිධාරීන්ගෙන් 18,000ක් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන අතර කෘෂිකර්ම අමාත්‍යාංශයට කෘෂිකර්ම උපාධිධාරීන් 674ක් යොමු කර තිබෙනවා.

අනෙකුත් පිරිස වෙනත් රාජ්‍ය ආයතනවල සේවය කරන අතර ඔවුහුන් කොවිඩ් රාජකාරිවල නිරත වනවා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22