AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවක විශ්‍රාම චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය ව්‍යාපාර සේවකයින් විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ඊට අදාල චක්‍රලේඛය මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් නිකුත් කර ඇති අතර මෙය ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයින්ගේ වෛකල්පිත විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57 ක් වන අතර කිසියම් නිලධාරියෙකු වයස අවුරුදු 57 ඉක්මවා සේවයේ යෙදීමට අදහස් කරන්නේ නම් සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 ක් දක්වා සේවයේ රැදී සිටීමට හැකියාව පවතී.

එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ වයස අවුරුදු 57 සිට 62 අතර කාලපරිච්ඡේදය තුළ නිලධාරියාගේ අභිමතය පරිදි පත්වීම් බලධරයා වෙත මාස 3 ක පූර්ණ දැනුම් දීමකින් අනතුරුව විශ්‍රාම ගත හැකි බවය.

එමෙන්ම කාර්යක්ෂමතාව හා කාර්යසාධනය සතුටුදායක නොවන නිලධාරියෙකුට වයස අවුරුදු 57 න් ඔබ්බට සේවා දීර්ඝ කිරීමක් ලබා නොදීමට පත්වීම් බලධරයා තීරණය කරන්නේ නම් එයට එරෙහිව නිලධාරියාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසෙන ආකාරයෙන් මාස 6 ක පූර්ව දැනුම්දීමකින් පසුව විශ්‍රාම ගැන්වීමේ බලය පත්වීම් බලධරයා සතුවෙයි.

ඒ අනුව රාජ්‍ය ව්‍යාපාරයන් හි සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති 2013.01.15 දරන අංක 01/2013 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මෙමගින් අවලංගු වන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයෙහි සදහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17
Video thumbnail
ඔළුගෙඩි මාරු කරලා විසඳුම් ලැබෙන්නේ නෑ - මේක ඉබාගාතේ ගිය ආර්ථිකයක් #dilithjayaweera #economy
04:02
Video thumbnail
මරණය පෙනි පෙනී සිටි කිරිඅම්මාවරු ගලවාගත් පොලිස් මෙහෙයුම...
03:12
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් ජනපති අනුර හමුවූ අවස්ථාව #anurakumaradissanayake #npp
01:04
Video thumbnail
පාදෙණිය කාලෙකට පස්සේ කට අරියි
03:27
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් #dilithjayaweera
04:51

?