රාජ්‍ය බැංකු නිලධාරීන් පනස් පස් දෙනකුට කොරෝනා

කොළඹ කොටුව, නාරම්මල, කටුපොත යන ප්‍රදේශවල රාජ්‍ය බැංකු නිලධාරීන් පනස් පස් දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කොළඹ කොටුව ප්‍රදේශයේ රජයේ බැංකුවක නිලධාරීන් 300කට පමණ කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඉන් 35 කට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

මීට අමතරව කටුපොත සහ නාරම්මල රාජ්‍ය බැංකු දෙකක නිලධාරීන් විස්සකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා ඊයේ (19 වැනිදා) සිට එම බැංකු දෙක වසා ඇති බවද පොලිසිය පවසයි.

කෑගල්ල රාජ්‍ය බැංකුවක ප්‍රධාන ශාඛාවේ සේවක මණ්ඩලයේ තිදෙනකු හා එක් අයකුගේ බිරිඳ කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ප්‍රධාන ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයන් 40ක් හා ඔවුන්ගේ පවුල්වල අය ස්වයං නිරෝධායනයට යොමු කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08