Empty Ad
AFC Banner
AFC Banner

රාජ්‍ය සේවය විධිමත් යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීම අප ඉදිරියේ පවතින අභියෝගයයි – ජනපති අනුර (වීඩියෝ)

රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (20) දිස්ත්‍රික් ලේකම් සමුළුව අමතමින්.

ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ මෙම සේවය වසර 200ක් පමණ පැරණි බවත්, අපේ රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළා.

එහෙත් අවසාන අරමුණ හා ඉලක්කය පිළිබඳ වත්මන් තත්ත්වය සෑහීමකට පත් විය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා, රාජ්‍ය ආයතනයකින් සාධාරණ සේවයක් ලබාගැනීම පිළිබඳ ජනතාව තුළ කිසිදු විශ්වාසය නොමැති බවත් රාජ්‍යක් ලෙස මුළු පද්ධතියම බිඳ වැටී ඇති බවත් පැවසීය.

එසේ බිඳ වැටී ඇති පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සූදානම්ද නැද්ද යන්න අප විසින් අපගෙන්ම විමසා බැලිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනවරමේ අපේක්ෂාවන්ට දේශපාලන අධිකාරිය පමණක් නොව රාජ්‍ය සේවය ද වගවිය යුතු මෙන්ම වගකිව යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

තමන්ට ඇත්තේ රාජ්‍ය සේවයේ තිබෙන පුටු පිළිබඳ ප්‍රශ්නය නොවන බවත් පුටුවක අසුන් ගන්වන්න ඉන්නේ කවුද යන්න පමණක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ලෝකයේ සිදුවන වෙනස්කම් උකහා ගනිමින් ඒවා ගලපා ගනිමින්, තම ක්ෂේත්‍රයට නායකත්වය දෙමින් ජයග්‍රහණය සඳහා මෙහෙය වීමට සමත්වන පුටුවල හිස්කමක් ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ හේතුවෙන් නිලධාරීන් 1,500ක් පමණ ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට පසුගිය ඉන්දීය සංචාරයේ දී එකඟ වූ බවයි පැවසුවේ.

එමෙන්ම එළඹෙන වසරේදී උසස් පෙළ සමත් වන සිසුන් සැලකිය යුතු ප්‍රමාණයකට විදේශ අධ්‍යාපනය ලබාදීමට රජයේ ශිෂ්‍යත්ව ලබාදීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ඇතැම් ආයතන මෙන්ම තනතුරු පවා ගොඩනැඟුණේ කුමන පදනමකින්ද යන්න ගැටලුවක් බවත්, අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව පැවසූ ජනාධිපතිවරයා, මේ සඳහා නව ව්‍යුහයක් අවශ්‍ය වනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට නව කමිටුවක් පත් කළ බවද,දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.

කිසිසේත්ම රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරණ වැය බර පිළිබඳව ගැටලුව තිබෙන බැවින් එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බව ජනාධිපතිවරයා පැවැසුවා.

මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලන අධිකාරිය ලෙස සිය උපරිම දායකත්වය ලබාදෙන බවත් මෙම කර්තව්‍ය සාර්ථක වන්නේ රාජ්‍ය නිලධාරීන් ඊට දක්වන දායකත්වය මත බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජන වරමේ අපේක්ෂාවන් 80%ක්ම පෙන්වා ඇත්තේ රාජ්‍ය සේවකයන් බැවින් දේශපාලන අධිකාරියේ කාර්යයන්ට සිය කැමැත්ත, අනුමැතිය ලබා දී ඇති බවත් මෙම ද්විත්වය පරස්පර කණ්ඩායම් දෙකක් නොවන සමපාත කණ්ඩායම් දෙකක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ, අනුව දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය සේවයේ අපේක්ෂාවත් අරමුණත් එකට සමපාත වී තිබෙන බව පසුගිය ජනවරමින් පෙන්නුම් කර ඇති බවත් දෙපාර්ශ්වයම එකඟ වූ කාර්යයක් අප හමුවේ ඇති බවත් ප්‍රකාශ කළා.

එමෙන්ම ජනතාව සම්බන්ධ ව්‍යාපෘතිද යළි සමාලෝචනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කරන බවත්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය නව වසරේ ජනවාරි 01 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවා.

අපේ රට නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් දුප්පත්භාවය තුරන් කිරීම, ඩිජිටල්කරණය, සමාජය ආකල්පමය වශයෙන් පරිවර්තනය කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා යන ක්ෂේත්‍ර තුන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

එම කාර්යය ඉටු කිරීම සඳහා වැඩ කිරීමේ දී යම් නිලධාරියෙකු අපහසුතාවකට, අයුක්තියකට, අසාධාරණයකට ලක් වන්නේ නම්, තමා එම පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක යම් නිලධාරියෙකු එම කාර්යයන් කඩාකප්පල් කිරීමට, හිතාමතා අතපසු කිරීමට කටයුතු කරන්නේ නම් එයට ද ඒ හා සමානව ක්‍රියාත්මක වන බව ද පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35
Video thumbnail
බලය දුන්නොත් ලොවෙත් නැතිවෙන්න - විදුලි බිල අඩු කරන්නම් කියලා කිව්වේ
13:58
Video thumbnail
ආණ්ඩු ඇරන් මොනවද මේ කරන්නේ ? - කරන්න කියන්න හරි දෙයක්..
02:15
Video thumbnail
කොහොමද අපි ස්මාට් ළමයි එක්ක වැඩ කරන්නේ
07:29
Video thumbnail
සජබේ මන්ත්‍රීට හොඳටම හිනා ගියපු මාලිමා මන්ත්‍රීගේ කතාව
17:50
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:19
Video thumbnail
අඩුම කාලෙකින් ගෙදර යන ආණ්ඩුව මාලිමාව - පොහොට්ටු මන්ත්‍රී කියයි
03:54
Video thumbnail
මාලිමාව - සජබය ඇවිලෙයි - අප්පුහාමි මාලිමාව ෆ්ලැට්ම කරලා දායි
13:00
Video thumbnail
සජබයේ කට විනාඩියෙන් වස්සපු මාලිමාවේ මන්ත්‍රී
08:30
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට කොර වූ ඇමති
08:35

?