රාජ්‍ය සේවයට අදාළ ව පවත්නා නීතිරීති හා රෙගුලාසි සංශෝධනයට කැබිනට් අනුමැතිය

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ පනවන ලද ආඥාපනත් සහ 1950 සිට 1970 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පනවනු ලැබ ඇති පනත් හා රෙගුලාසි මත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක වනවා.

එකී කාලසීමාවේ දී රට තුළ ප්‍රවාහන හා සන්නිවේදන ක්ෂේත්‍රයන් එතරම් දියුණු මට්ටමක නොපැවති අතර, සකස් කරනු ලැබ ඇති ඇතැම් නීතිරීති හා රෙගුලාසි වර්තමාන තත්ත්වයන් හා නොගැළපෙන බැවින් සේවාදායකයින් වෙත කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සපැයීමට එමගින් බාධා පැමිණෙන බව පෙනී ගොස් තිබෙන බවයි කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත්තේ.

එබැවින්, වත්මන් රාජ්‍ය සේවා අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි සහ මහජන අවශ්‍යතාවන් කාර්යක්ෂමව ඉටු කිරීමට හැකි වන පරිදි දැනට බලාත්මක නීතිරීතී, රෙගුලාසි සහ කාර්යපටිපාටීන්හි පවතින බාධාකාරී තත්ත්වයන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නෛතික හා පරිපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතු ව තිබෙන බව රජය පවසනවා.

ඒ අනුව, අදාළ නිලධාරින්ගේ සහ පොදු මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගෙන දැනට පවතින නීතිරීති, රෙගුලාසි සහ කාර්යපටිපාටීන්හි සිදු කළ යුතු සංශෝධන පිළිබඳ නිර්දේශ සහිත වාර්තාවක් ලබා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් අදාළ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15