AFC Banner
AFC Banner
Empty Ad

රාජ්‍ය සේවකයෝ අදත් ස්ට්‍රයික් – ගුරුන්ගේ සහායත් හිමිවෙයි (වීඩියෝ)

රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා, රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම් 200ක් පමණ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය, අද දිනයේත් ක්‍රියාත්මකයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින්, ගුරු – විදුහල්පති වැඩ වර්ජනයක් ද සිදු කෙරුණු අතර, මේ හේතුවෙන් අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් බොහොමයක් වසා තැබුණා.

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දුන් රුපියල් 25,000 දීමනාව අනෙක් සියලු සේවකයින්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විසින් ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කරනු ලැබුවා.

රාජ්‍ය සේවකයින් ආරම්භ කර ඇති ම්නෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළකරමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ද අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමටයි තීරණය කළේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවයි.

මේ අනුව, අද දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් බොහොමයක් වසා තිබුණ අතර, ඇතැම් පාසල්වල ළමයින් සුළු ප්‍රමාණයක් පැමිණ තිබුණා.

මේ අතර, සිය ඉල්ලීමට බලධාරීන් මෙතක් යහපත් ප්‍රතිචාර ලබා දී නොමැති බැවින් අද දිනයේත් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ.

රාජ්‍ය සේවකයින්ගේ වැඩවර්ජනයට සමගාමීව තැපැල් වෘත්තීය සමිති ද, පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක නිරත වී සිටිනවා.

එම වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කරන බව, ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ මොහොතේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් ලබා දීමට හැකියාවක් නොමැති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?