රාජ්‍ය සේවකයෝ අදත් ස්ට්‍රයික් – ගුරුන්ගේ සහායත් හිමිවෙයි (වීඩියෝ)

රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා, රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම් 200ක් පමණ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය, අද දිනයේත් ක්‍රියාත්මකයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින්, ගුරු – විදුහල්පති වැඩ වර්ජනයක් ද සිදු කෙරුණු අතර, මේ හේතුවෙන් අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් බොහොමයක් වසා තැබුණා.

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දුන් රුපියල් 25,000 දීමනාව අනෙක් සියලු සේවකයින්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විසින් ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කරනු ලැබුවා.

රාජ්‍ය සේවකයින් ආරම්භ කර ඇති ම්නෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළකරමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ද අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමටයි තීරණය කළේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවයි.

මේ අනුව, අද දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් බොහොමයක් වසා තිබුණ අතර, ඇතැම් පාසල්වල ළමයින් සුළු ප්‍රමාණයක් පැමිණ තිබුණා.

මේ අතර, සිය ඉල්ලීමට බලධාරීන් මෙතක් යහපත් ප්‍රතිචාර ලබා දී නොමැති බැවින් අද දිනයේත් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ.

රාජ්‍ය සේවකයින්ගේ වැඩවර්ජනයට සමගාමීව තැපැල් වෘත්තීය සමිති ද, පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක නිරත වී සිටිනවා.

එම වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කරන බව, ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ මොහොතේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් ලබා දීමට හැකියාවක් නොමැති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09