රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 4000ක විශේෂ අත්තිකාරම් මුදල ගෙවීම අද (02) දිනයේ සිට ආරම්භ වනවා.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම අත්තිකාරම් මුදල් ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවා.
ඒ ,අනුව ලබන මාසය අවසන් වනතෙක් රාජ්‍ය සේවකයින්ට එම දීමනාව ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.
2023 වසරේ පෙබරවාරී 28 වැනිදායින් පසු කිසිඳු ගෙවීමක් කිරීමට මෙයින් අවසර නොලැබෙන අතර, එලෙස ලබා ගන්නා අත්තිකාරම් මුදල් 2023 වසර තුළ අය කරගත යුතු බවයි එම චක්‍රලේඛය මඟින් දන්වා ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5




