රාජ්‍ය සේවකයින්ගේ මාසික මූලික වැටුප 15,750කින් ඉහළට (වීඩියෝ)

2025 නව අයවැය යෝජනා ඉදිරිපත් කරමින්; අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 15,750කින් වැඩි වනු ඇති.

දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8250ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදු කිරීමටයි යෝජනා කර ඇත්තේ.

රාජ්‍ය අංශයේ සේවකයිගේ වැටුප් වැඩිවීමට සමගාමී ව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්‍යය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුපට මෙය අදාළ වනු ඇති.

මීට අමතරව රුපියල් 15750ක අවම මාසික වැටුප් වැඩිවිමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80කි ඉහළ නැංවීමට යෝජිතයි.

ඒ අනුව රුපියල් 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇති.

රාජ්‍ය අංශයේ සියලුම සේවකයින්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට ද යෝජිත වනවා.

මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 325ක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
0
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?