රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ දීමනා වැඩිකිරීම විද්‍යාත්මක පදනමක් මත

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ දීමනා ලබන වසරේ ජනවාරි මාසයේ සිට වැඩි කිරීම විද්‍යාත්මක පදනමක් මත සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රුපියල් 17,800 ආසන්න ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කිරීම, රාජ්‍ය සේවකයාගේ අවම වැටුප 24 % – 35% දක්වා වැඩි කිරීම සඳහා  කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙවර අයවැය ලේඛනයට ඇතුළත් කරමින් රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් පනස් පන්දහස දක්වා අවම සීමාවකට රැගෙන ඒමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකතනය වනුයේ මෙරට ආර්ථික වර්ධනය 2%ක ආර්ථික වර්ධනයක් වුව ද, දෙවන කාර්තුව 5%ක ආසන්නව සහ වසර අවසාන වන විට 4%ත් 4.5%ත් දක්වා ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බවයි.

එසේ ලබාගන්නා වැඩිවීමේ සහනය ජනතාවට ලබාදීමට රජය බලාපොරොත්තුවන බව ද ඔහු කියා සිටියා.

මෙම වසර තුළදී රාජ්‍ය ආදායම 13% ඉක්ම වූ සීමාවකටත් 2025 වසර වන විට එය 15.1%ක මට්ටමකට ගෙන ඒමට බලාපොරොත්තු වන ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
11
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?