රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ දීමනා වැඩිකිරීම විද්‍යාත්මක පදනමක් මත

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ දීමනා ලබන වසරේ ජනවාරි මාසයේ සිට වැඩි කිරීම විද්‍යාත්මක පදනමක් මත සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රුපියල් 17,800 ආසන්න ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කිරීම, රාජ්‍ය සේවකයාගේ අවම වැටුප 24 % – 35% දක්වා වැඩි කිරීම සඳහා  කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙවර අයවැය ලේඛනයට ඇතුළත් කරමින් රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් පනස් පන්දහස දක්වා අවම සීමාවකට රැගෙන ඒමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකතනය වනුයේ මෙරට ආර්ථික වර්ධනය 2%ක ආර්ථික වර්ධනයක් වුව ද, දෙවන කාර්තුව 5%ක ආසන්නව සහ වසර අවසාන වන විට 4%ත් 4.5%ත් දක්වා ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බවයි.

එසේ ලබාගන්නා වැඩිවීමේ සහනය ජනතාවට ලබාදීමට රජය බලාපොරොත්තුවන බව ද ඔහු කියා සිටියා.

මෙම වසර තුළදී රාජ්‍ය ආදායම 13% ඉක්ම වූ සීමාවකටත් 2025 වසර වන විට එය 15.1%ක මට්ටමකට ගෙන ඒමට බලාපොරොත්තු වන ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39