රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්වෙලා

තමන් අධ්‍යාපන අමාත්‍යවරයා වී වසර එකහමාරක් වැනි ඉතා කෙටි කලක් තුළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන දෙදහසක ලාභයක් උපයන ලාභදායී මට්ටමට වර්ධනය කිරීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එම ආයතනය සේවක ප්‍රසාද දීමනා ගෙවමින් කාරක ප්‍රාග්ධනය තමන් විසින් ම ගොඩනගාගන්නා මට්ටමට වර්තමානයේ වර්ධනය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පාඩු ලබන ආයතනයක් ලෙස හඳුනාගනිමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ලේඛනයට ඇතුළත් කර තිබූ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඉතා කෙටි කාලයක් තුළ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකිවීම සතුටට කරුණක් බවත් ඉහළ කළමණාකාරීත්වයේ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුකරමින් වගකීම් නිසියාකාරව පැවරීම තුළින් ඉතා පහසුවෙන් මේ තත්ත්වය අත්පත් කරගත හැකි වූ බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් පැවසුවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ පසුගියදා පැවැති උත්සව අවස්ථාවකට එක් වෙමින්.

වෙනත් අමාත්‍යාංශ යටතේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ සියලු‍ ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ඒකාබද්ධ කර පවරා ගැනීම රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ මෙම සාර්ථකත්වයට ප්‍රධාන රුකුලක් වූ බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා එමගින් පාසල් පෙළ පොත් මුද්‍රණය කර නිසි කලට දරුවන් අතට පත් කීරීමේ ගැටලු‍ නිරාකරණය කරගැනීමටත් ඒවා මුද්‍රණයට භාර දී අවශ්‍ය සහයෝගය ලබා දීමට මැදිහත් වීම තුළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මෙවැනි සාධනීය මට්ටමක් දක්වා වර්ධනය කිරීමටත් හැකි වූ බව ද ප්‍රකාශ කළා.

ඒ, අනුව මේ ප්‍රවණාතව තව දුරටත් වර්ධනය කරමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව නව තරගකාරී ආයෝජන වෙත ප්‍රවිශ්ඨ විය යුතු බව දඔහු පෙන්වා දුන්නා.

ආයතනය කෙටි කලක් තුළ මෙම සාධනීය මට්ටම දක්වා වර්ධනය කිරීමට වගකීම් උසුලමින් දායක වූ ප්‍රසාදලාභී සේවක මඬුල්ල ඇගයීමට ලක් කිරීම ද මෙහි දී සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?