මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හැක්වීම ගැන CIDයෙන් විමර්ශන

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයක දී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්ව තිබීම නිරීක්ෂණය වූ බව පොලිසිය පවසනවා.

මෙය යථාවත් කරගැනීම සඳහා SL CERT සහ ICTA ආයතන මඟින් අවශ්‍ය පියවර ගැනිමට කටයුතු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාස සඳහන් කළේ.

කෙසේ වෙතත් ඒ අතරතුරදී වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලිතාවයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම්වරයා විසින් පෙරේදා (09) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම පැමිණිල්ලට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මට්ටමින් ද අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19