තැපෑල 2025 වසරේ ආදායම් ඉලක්ක ඉක්මවා යයි

මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට 2025 වර්ෂයට අඳාළව ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා ආදායම් ඉපයීමට සමත් වූ බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් 2025 වර්ෂයේ දී ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ඇති බවයි තැපැල්පතිවරයා සදහන් කළේ.

එමෙන්ම පසුගිය වර්ෂය තුළ දී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට එම සේවාවට අදාළව විවිධ වෘත්තීන් සදහා නව බදවා ගැනීම්, ස්ථීර කිරීම් රාශියක් සිදුකළ බවත්, නව තැපැල් කාර්යාල සදහා මුල්ගල තැබීම්, විවෘත කිරීම් ද බොහෝමයක් සිදුවූ බවත් තැපැල්පතිවරයා පවසනවා.

2025 ජුනි මාසයේ දී ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378ක් සදහා ස්ථීර පත්වීම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බවත්, එම ස්ථීර කිරීම 2020 වර්ෂයෙන් පසුව සිදුවූ පළමු උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථීර කිරීම වනවා.

2022 වර්ෂයෙන් පසු තැපැල් සහයකවරුන් දහසකගේ පත්වීම් ස්ථීර කිරීමට පසුගිය වර්ෂයේ සැප්තැම්බර් කටයුතු කළ බවද, සදහන් කළ තැපැල්පතිවරයා තැපැල් සේවා නිලධාරීන් 600ක් විවෘත පදනම යටතේ බදවා ගැනීමට කටයුතු කෙරෙන බවත්, එම බදවා ගැනීම් මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බවත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30