සිරියාවේ IS ඉලක්ක වෙත එක්සත් ජනපදයෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

සිරියාව තුළ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත එක්සත් ජනපදය සහ එහි හවුල්කාර හමුදා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 13 වන දින සිරියාවේ එක්සත් ජනපද හමුදා වෙත IS ත්‍රස්තයින් විසින් එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඊයේ (10) මෙම ප්‍රහාරය එල්ල කළ බවයි එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා නිවේදනය කළේ.

මෙම ගුවන් ප්‍රහාර එක්සත් ජනපදය වේලාවෙන් ඊයේ (10) දහවල් 12.30ට පමණ සිදුකර ඇති බව වාර්තා වන්නේ.

එක්සත් ජනපදය සහ එහි හවුල්කාර හමුදා ගුවන් යානා 20 කට වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී ඉලක්ක 35 කට වැඩි සංඛ්‍යාවකට ප්‍රහාර දියත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

‘ඔපරේෂන් හෝක්අයි’ ලෙස නම් කළ පළමු ප්‍රතිප්‍රහාරය පසුගිය දෙසැම්බර් 19 වන දින එක්සත් ජනපදය සහ ජෝර්දානය එක්ව ක්‍රියාත්මක කර තිබුණා.

සිරියාවේ මධ්‍යයේ පිහිටි පැල්මයිරා හි සැඟවී සිටිමින් IS තුවක්කුකරුවෙකු ඇමරිකානු සොල්දාදුවන් දෙදෙනෙකු සහ එක්සත් ජනපද සිවිල් පරිවර්තකයෙකු මරා දැමීමෙන් පසු ට්‍රම්ප් පරිපාලනය ප්‍රථම වරට හෝක්අයි ප්‍රහාරය නිවේදනය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46