AFC Banner
Empty Ad

රාජ්‍ය බැංකු දෙකට බිලියන ගණනින් පොලු තිබ්බ අයගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරන්න

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් බිලියන ගණනින් ණය මුදල් ලබාගෙන ඒවා ගෙවීම පැහැර හැර ඇති ආයතන සහ පුද්ගලයින්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ එවැනි ආකාරයේ විශාල ණය මුදල් ලබාගෙන ගෙවීම් පැහැර හැර සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයින්, ආයතන වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීමක් සිදුනොවන බවත්, එම බැංකු මඟින් ණය ලබාගෙන ඇති කුඩා හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපළ පමණක් පාරටේ නීතිය හරහා වෙන්දිසි කිරීමක් මේ වනවිට සිදුවන බවයි.

රාජ්‍ය බැංකුවලින් කුඩා හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබාගෙන ඇති ණය මුදල් ආපසු ගෙවීම කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය වැනි හේතූන් මත දුෂ්කර වී ඇති බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

මේ අතර ලබන 13 වනදා පැවැත්වෙන මුදල් අමාත්‍යාංශය වැය ශීර්ෂයේ දී මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?