රාජ්‍ය බැංකු දෙකට බිලියන ගණනින් පොලු තිබ්බ අයගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරන්න

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් බිලියන ගණනින් ණය මුදල් ලබාගෙන ඒවා ගෙවීම පැහැර හැර ඇති ආයතන සහ පුද්ගලයින්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ එවැනි ආකාරයේ විශාල ණය මුදල් ලබාගෙන ගෙවීම් පැහැර හැර සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයින්, ආයතන වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීමක් සිදුනොවන බවත්, එම බැංකු මඟින් ණය ලබාගෙන ඇති කුඩා හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපළ පමණක් පාරටේ නීතිය හරහා වෙන්දිසි කිරීමක් මේ වනවිට සිදුවන බවයි.

රාජ්‍ය බැංකුවලින් කුඩා හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබාගෙන ඇති ණය මුදල් ආපසු ගෙවීම කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය වැනි හේතූන් මත දුෂ්කර වී ඇති බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

මේ අතර ලබන 13 වනදා පැවැත්වෙන මුදල් අමාත්‍යාංශය වැය ශීර්ෂයේ දී මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14