රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකාරීත්වය නැවතත් සයිරාජ් හට

මාර්තු මස 21 වැනි දින ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන රෝයල්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස සයිරාජ් බහුතුලේ පත් කර තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ මෙය නැවත එම තනතුරට ම පත් කිරීමක් ලෙසයි.

ඊට හේතුව 2018 – 2021 දක්වා කාලය තුළ රාජස්ථාන රෝයල්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකාරීත්වය සයිරාජ් හට හිමිවුණා.

සයිරාජ් ව ක්‍රිකට් ඉතිහාසයේ සැලකෙන්නේ ඉන්දීය කණ්ඩායමේ හිටපු පා දඟ පන්දු යවන්නෙකු ලෙසටයි.

සයිරාජ් බහුතුලේ මෙම පත් කිරීම සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙවැන්නක්;

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නැවත එක්වීම ඉමහත් ගෞරවයක්..” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?