රාගම සහ ගල්කිස්සේ ගණිකා නිවාස දෙකකට පොලිසියෙන් පනී

රාගම සහ ගල්කිස්ස ප්‍රදේශවල පවත්වාගන ගිය ගණිකා නිවාස දෙකක් වටලා හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවනවා.

රාගම, කඩවත පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එක ගණිකා නිවසක් ඊයේ (25) වටලා ඇති අතර, එහිදී එම ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ ඊට සහාය දැක්වූ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 36 හැවිරිදි වියේ පසුවන කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරියන් දෙදෙනා 32 සහ 36 යන වයස්වල පසුවන තෙලිජ්ජවිල සහ කිරිඳිවැල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි වාර්තා වන්නේ.

මේ අතර ගල්කිස්ස වෙරළ පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ද ඊයේ (25) වටලා කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන්ගෙන් එක් කාන්තාවක් එම ස්ථානය පවතවාගෙන ගිය තැනැත්තිය වන බවයි පොලිසිය පැවසුවේ.

අනෙක් සැකකාරියන් දෙදෙනා ගණිකා සේවය සැපයීම වෙනුවෙන් එහි රැඳී සිටි අයවලුන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් 29, 32 සහ 45 යන වයස්වල පසුවන්නියන්.

මොවුන් කොළඹ 03, රත්මලාන සහ හාලිඇල යන ප්‍රදේශවල පදිංචිකාරිණියන්.

මෙම ගණිකා නිවස දෙකම සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවතවාගෙන ගොස් ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සියලු දෙනා අධිකරණයන් හමුවට අද (26) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
15
+1
64
+1
12
+1
20
+1
12
+1
26
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38
Video thumbnail
රොහාන් සිල්වා පියතුමා පාස්කුව ගැන කිව්ව දේ.."එකම බලාපොරොත්තුව යුක්තිය ඉෂ්ට කරගැනීම"
01:42
Video thumbnail
ජනාධිපතිතුමා හිටපු ත්‍රස්තවාදියෙක් - අනුරගේ හතුරා රණවිරුවෝ..?
01:38