රාගම සහ ගල්කිස්සේ ගණිකා නිවාස දෙකකට පොලිසියෙන් පනී

රාගම සහ ගල්කිස්ස ප්‍රදේශවල පවත්වාගන ගිය ගණිකා නිවාස දෙකක් වටලා හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවනවා.

රාගම, කඩවත පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එක ගණිකා නිවසක් ඊයේ (25) වටලා ඇති අතර, එහිදී එම ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ ඊට සහාය දැක්වූ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 36 හැවිරිදි වියේ පසුවන කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරියන් දෙදෙනා 32 සහ 36 යන වයස්වල පසුවන තෙලිජ්ජවිල සහ කිරිඳිවැල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි වාර්තා වන්නේ.

මේ අතර ගල්කිස්ස වෙරළ පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ද ඊයේ (25) වටලා කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන්ගෙන් එක් කාන්තාවක් එම ස්ථානය පවතවාගෙන ගිය තැනැත්තිය වන බවයි පොලිසිය පැවසුවේ.

අනෙක් සැකකාරියන් දෙදෙනා ගණිකා සේවය සැපයීම වෙනුවෙන් එහි රැඳී සිටි අයවලුන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් 29, 32 සහ 45 යන වයස්වල පසුවන්නියන්.

මොවුන් කොළඹ 03, රත්මලාන සහ හාලිඇල යන ප්‍රදේශවල පදිංචිකාරිණියන්.

මෙම ගණිකා නිවස දෙකම සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවතවාගෙන ගොස් ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සියලු දෙනා අධිකරණයන් හමුවට අද (26) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

  1. මේ රටේ තියන ආර්ථික ප්‍ර්ශ්න හමුවේ මේ වගේ දේවල් වෙනව අද ගාමන්ට් ගොඩක් වැහිල ඔය එපා කියන උන් එකෙක් නිකම් රුපියලක් දෙනවද …අපි හැමෝම මිනිස්සු බඩිගින්න කාටත් පොදුයි…මම නම් මේ කෙල්ලො ගැන වර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47