රෆේල් ජෙට් යානා ගැන චීනය බොරු කියන බවට ප්‍රංශ බුද්ධි සේවයෙන් අනාවරණයක්

මැයි මාසයේදී ඉන්දියාව සහ පකිස්ථානය අතර යුද ගැටුමෙන් පසු ප්‍රංශයේ නිෂ්පාදිත රෆේල් ජෙට් යානාවල ක්‍රියාකාරිත්වය පිළිබඳව සැක පතුරුවා හැරීම සඳහා චීනය තම තානාපති කාර්යාල යෙදවූ බව ප්‍රංශ හමුදා සහ බුද්ධි නිලධාරීන් පවසනවා.

එය ප්‍රංශයේ ප්‍රමුඛ ප්‍රහාරක යානයේ කීර්ති නාමය සහ අලෙවිය අඩපණ කිරීමේ බීජිං උත්සාහයක් ලෙසයි සැලකෙන්නේ.

ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රංශ බුද්ධි සේවා උපුටා දක්වමින් වාර්තා කළේ, චීනයේ විදේශ තානාපති කාර්යාලවල ආරක්ෂක උපදේශකවරු රෆේල් අලෙවිය අඩපණ කිරීමට, දැනටමත් ඇණවුම් කර ඇති රටවල් – විශේෂයෙන් ඉන්දුනීසියාව – වැඩිපුර මිලදී නොගන්නා ලෙසත්, අනෙකුත් විභව ගැනුම්කරුවන් චීන නිෂ්පාදිත ගුවන් යානා තෝරා ගැනීමට දිරිමත් කිරීමට උත්සාහ කළ බවයි.

නිලධාරියා සහ බුද්ධි සේවය හෙළි නොකිරීමේ කොන්දේසියක් මත ප්‍රංශ හමුදා නිලධාරියෙකු විසින් මෙම සොයාගැනීම් AP වෙත ලබා දී තිබෙනවා.

මැයි මාසයේ දී දින හතරක් පැවති ඉන්දු-පකිස්ථාන ගැටුම්, න්‍යෂ්ටික සන්නද්ධ අසල්වැසියන් දෙදෙනා අතර වසර ගණනාවක් තුළ ඇති වූ බරපතළම ගැටුම වූ අතර, දෙපාර්ශ්වයේම ගුවන් යානා ඊට සම්බන්ධ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?