Breaking : රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ හේතුව පොලිසිය කියයි

රඹුක්කන දුම්රිය හරස් මාර්ගයේදී අවහිර කරමින් අද උදැසන සිට විරෝධතාවයේ යෙදුනු පිරිස් එම ස්ථානයේ නතර කර තිබු ඩිසල් රැගත් බවුසරයක් සහ ත්‍රිරෝද රථයක් ගිනි තැබීමට උත්සාහ කළ බව පොලිසිය පවසනවා.

එය වැළැක්වීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ බවත් පසුව ඔවුන් පොලිසියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පොලිසියට වෙඩි තැබීමට සිදුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කර සිටියේ.

මෙම සිදුවීමේදී තුවාල ලැබූ පුද්ගලයින් කිහිප දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති බවත් ගල් මුල් ප්‍රහාර වලින් තුවාල ලැබූ පොලිස් නිලධාරින්ද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?