රඹුක්කන නිවස පිටුපසින් හමුවූ මළ සිරුරු ගැන විශේෂ පරීක්ෂණයක්

රඹුක්කන හූරිමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා ඇති බවට සැක කෙරෙන තරුණයන් දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මළ සිරුරු සොයා ගැණුන ද ඒවා අතුරුදන් වූ තරුණයන්ගේ ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මුදල් නොගෙවීම හේතුවෙන් මාවනැල්ල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු රඹුක්කන, හුරිමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස ඝාතනය කර මෙලෙස වළ දමා ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

වයස අවුරුදු 28 සහ 29 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනා මාවනැල්ල කිරිංගදෙණිය සහ කෙරමිනියවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් 2022 නොවැම්බර් 18 සහ 25 යන දිනවල සිට අතුරුදන්ව ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

අතුරුදන් වූවන්ගේ දෙමාපියන් විසින් 2022 නොවැම්බර් 28 වනදා සහ ජනවාරි 7 වන දින පොලිසියට පැමිණිලි කර ඇති අතර, එහිදී ඔවුන් තම දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට පොලිසියට දන්වා ඇතැයි සඳහන්.

තම දරුවන් රඹුක්කන, හුරිමළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා බවට තමන් දැන සිටි බවද එම මවුපියන් පොලිසියට අනාවරණය කර තිබුණා.

පැමිණිලි දෙක සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසියට සැක මතුවී ඇත්තේ මෙම තරුණයන් දෙදෙනාගේම අතුරුදන් වීම් එකම සිදුවීමක් විය හැකි බවටයි.

තරුණයන් දෙදෙනා සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මාවනැල්ල පොලිසිය සමග කළ පරීක්ෂනවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් දෙදෙනාට කිසියම් අනතුරක් සිදුවී ඇති බවටයි.

ඔවුන් දෙදෙනා රඹුක්කන නගරය ආසන්න ප්‍රදේශයකදී ඝාතනයට ලක්ව ඇතැයි තොරතුරක් ලැබී තිබූ අතර නිවසක් පිටුපස වළ දමා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මාවනැල්ල පොලීසිය සහ කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව පරීක්ෂණ පවත්වා නිවස සොයාගෙන ඇති අතර, අනතුරුව ඔවුන් පසුගිය බදාදා (11) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

කෑගල්ල මහේස්ත‍්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඊයේ (12) එම නිවසට පැමිණීමෙන් අනතුරුවයි මූලික විමර්ශන ආරම්භ කෙරුණේ.

තරුණයන් දෙදෙනා ඝාතනය කර රඹුක්කන ප්‍රදේශයේ අදාළ නිවස පිටුපස තිබූ කුකුළු කූඩුව යට වළදමා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මළ සිරුරු කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මීට අදාළ සැකකරුවන් මේවන විට හඳුනාගෙන ඇති අතර මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් සිදු නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29