AFC Banner
Empty Ad
Empty Ad

රඹුක්කන දුම්රිය ස්ථානයේ දී සිදුවූ අනතුර : ඉන්ධන අපතේ යයි

රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඩීසල් අඩංගු දුම්රිය ටැංකියක පිටුපසින් පැමිණි දුම්රිය එන්ජිමක් ගැටී තිබෙනවා. ඩීසල් ටැංකිය ඛනිජ තෙල් සංස්ථාව මගින් පේරාදෙණිය දක්වා ප්‍රවාහනය කිරීමට නවතා තිබු බවයි දුම්රිය ආරංචි මාර්ග සඳහන් කලේ.

දුම්රිය අංගනයේ නවතා තිබූ මගී ප්‍රවාහනය කරන දුම්රියක් රියදුරු නොමැතිව තිරිංගවල ඇතිවූ දෝෂයක් හේතුවෙන් දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන දුම්රියක ගැටී තිබු අතර පසුව ඉන්ධන දුම්රිය, රඹුක්කන දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලකද ගැටී ඇත.

අදාළ සිදුවීමෙන් ඉන්ධන දුම්රියේ තිබූ ඩීසල් විශාල ප්‍රමාණයක් අපතේ ගොස් තිබෙන අතර දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලටද හානි සිදුව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?