spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රඹුක්කන ද්විත්ව ඝාතනයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

මාවනැල්ල පොලිස් වසමේදී අතුරුදහන්වු පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර රඹුක්කන පොලිස් වසමේ හුරිමළුව ප්‍රයේශයේ නිවසක් පිටුපස වල දමා ඇති බවට ලද තොරතුර මත විමර්ශන සිදුකර වල දමා තිබූ මෘත ශරීර දෙක සොයා ගන්නා ලද අතර ශරීර මේ වන විට කෑගල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බව වාර්තා වෙනවා.

එම මෘත ශරීර දෙක අතුරුදහන් පුද්ගලයන්ගේ යැයි මේ වන විටත් හඳුනාගෙන නොමැත.

ඊයේ (15) කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මාවනැල්ල හා වැලිඔය පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් එක් සැකකරුයවගේ නිවසේ සඟවා තිබී මරණකරුවෙකුගේ යතුරු පැදියද සොයා ගෙන ඇති බැවි වාර්තා වෙන්නේ.

මොවුන් අවුරුදු 30 හා 29 වයස්වල පසුවන නැලව හා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි අයයි.

සැකකරුවන් අද (16) දින කෑගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?