රඹුක්කන ඉන්ධන බවුසරයට ගිනි තැබූ පුද්ගලයා අත් අඩංගුවට

රඹුක්කන ප්‍රදේශයේදී පසුගිය 19 වෙනි අගහරුවාදා දිනයේදී හටගත් නොසන්සුන්තාවය අතරතුරදි ඉන්ධන බවුසරයට ගිනි තැබීමට උත්සහ කල සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයේ තිබූ සීසීටීවී කැමරා දර්ශණ ආධාරයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීයි.

පොලීසිය පැවසුවේ එම සැකකරු 28 හැවිරිදි වියේ පසුවන බවයි.

පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් එක්ව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණ තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?