රනිල් අත්අඩංගුවට ගැනීමට අප්‍රසාදය පළ කරමින් එරික් සෝල්හයිම්ගෙන් එක්ස් පණිවුඩයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් එක්ස් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

2022 වසරේ දී ජාතිය ආර්ථික හා දේශපාලන ව්‍යසනයක අගාධයට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරාගැනීමට නැගී සිටි නායකයා රනිල් බවයි එරික් සෝල්හයිම් එම එක්ස් පණිවුඩයේ දක්වා ඇත්තේ.

එමෙන්ම රනිල් වික්‍රමසිංහව වහාම නිදහස් අරණ ලෙසත්, දකුණු ආසියාව සහ ලොව පුරා සිටින බොහෝ නායකයින් සමඟ තමන් ද ඊට එක්වන බවත් සෝල්හයිම් එහි දක්වා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නොමැත් බවත්, ඒවා සත්‍ය වුවද, ඒවා යුරෝපයේ කිසිදු අපරාධකාරී හෝ පිළිගත නොහැකි හැසිරීමක් ලෙස නොසැලකන බවයි එරික් සෝල්හයිම් පවසන්නේ.

දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ ව්‍යාපාරයට තමන් පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, කරුණාකර සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඔහු නිකුත් කළ එක්ස් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
5
+1
64
+1
2
+1
3
+1
2
+1
12
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?