රනිල් අත්අඩංගුවට ගැනීමට අප්‍රසාදය පළ කරමින් එරික් සෝල්හයිම්ගෙන් එක්ස් පණිවුඩයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් එක්ස් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

2022 වසරේ දී ජාතිය ආර්ථික හා දේශපාලන ව්‍යසනයක අගාධයට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරාගැනීමට නැගී සිටි නායකයා රනිල් බවයි එරික් සෝල්හයිම් එම එක්ස් පණිවුඩයේ දක්වා ඇත්තේ.

එමෙන්ම රනිල් වික්‍රමසිංහව වහාම නිදහස් අරණ ලෙසත්, දකුණු ආසියාව සහ ලොව පුරා සිටින බොහෝ නායකයින් සමඟ තමන් ද ඊට එක්වන බවත් සෝල්හයිම් එහි දක්වා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නොමැත් බවත්, ඒවා සත්‍ය වුවද, ඒවා යුරෝපයේ කිසිදු අපරාධකාරී හෝ පිළිගත නොහැකි හැසිරීමක් ලෙස නොසැලකන බවයි එරික් සෝල්හයිම් පවසන්නේ.

දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ ව්‍යාපාරයට තමන් පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, කරුණාකර සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඔහු නිකුත් කළ එක්ස් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

02 1
  1. හොරකමින් දූෂණයෙන් වංචාවෙන් විශේෂයෙන් බොරුවෙන් තොර රටක් නිර්මාණය කල යුතුයි

    රාජ්‍ය ආරාධනයකට අනුව තමයි මේ සංචාරය සිද්ධ වෙලා තියෙන්නේ ඒක නිසා ⁣ලෝක ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් මතු වෙමින් ඇත

    ඒ කියන්නේ ගෝඨාභය රජයට කරා මෙන්
    ගෑස්වල සංයුතිය වෙනස් කර එවන්නට බැරි නැත ලංකා මුහුදු තීරයේ පැරණි නැව් ගිනි ගැනීමට ලක්විය හැක විදේශ ප්‍රේෂණ පහත වැටිය හැක

    ඒක නිසා ටිකක් ප්‍රවේශමෙන් තමයි කරන්න වෙන්නේ

    • ඒවට බයේ වැඩ කරන්න ගියොත් රට තිබුණ වගේම තියේවි. මොන බාධක ආවත් හොරුන්ට දඬුවම් දිය යුතුමයි.

  2. එරික් සෝල්හයිම්ට රටේ මුදල් අවභාවිතාව සුළු දෙයක් වුනාට අපට නම් ඒක විශාල ප්‍රශ්නයක්. අනේ, සෝල්හයිම්, තමුන් තමුන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවා. අනුංගෙ දේ වලට හොට නොදා.