රත්නපුර, රජයේ විධායක නිලධාරීන්ට Ai දැනුම බෙදාදීමේ වැඩමුළුවක්

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පෙරේදා (12) වනදා පැවැත්වුණා.

‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සබරගමුව පළාත් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහාය ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට සබරගමුව පළාතේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි විශේෂ පියවරක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර තිබෙනවා.

ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක වන ඩිජිටල්/කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ ධාරිතා සංවර්ධන වැඩසටහන් සම්පත් දායක, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) හිටපු අධ්‍යක්ෂකවරුන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ මෙම වැඩමුළුවට සම්පත්දායකත්වය සපයනු ලැබුවා.

සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඊ. කේ. ඒ. සුනීතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ. ජී. එස්. නිශාන්ත යන මහත්ම මහත්මීහු රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46